හකීම්, රිෂාඩ්, පාඨලී, මනෝ සජිත්ට එක්වෙයි! සජිත්-රනිල් සුසංයෝගයෙන් ජනාධිපතිවරණයට!

August 31, 2019 at 4:50 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ සම්පූර්ණ සහාය හිමිව ඇතැයි අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසයි.

ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වන රවෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන් ඇතුලු නායකයින් සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබා දිමට පූර්ණ කැමැත්ත පළ කර ඇතැයිද ඔහු පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ එකඟතාව ලබා ගැනීමෙන් පසු රනිල් සජිත් සුසංයෝගයෙන් ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා පක්ෂයේ සියලු දෙනා එක්කාසු කරගන්නා බවත් ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබා ගැනීම පිළිබඳ සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ ඉදිරි දිනවලදී සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත් හර්ෂ ද සිල්වා වැඩිදුරටත් පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස