මුස්ලිම් ඇමතිලාගේ ඉල්ලා අස්වීම රට රවටන ඇස්බැන්දුමක් විතරයි! අලුත් ඇමතිලා නෑ! ඉල්ලා අස්වූ ඇමතිලා තිරය පිටුපස සිට සිය අමාත්‍යංශය මෙහෙයවයි!

June 4, 2019 at 10:23 am | by admin

ඊයේ දින ආණ්ඩුව නියෝජනය කළ සියලු මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස් වුවද එම අමාත්‍යංශ සඳහා ඇමතිවරු පත් නොකිරීමට ද ඉතා ඉක්මන් පරීක්ෂණයක් සිදුකර තමන් නිදෝස් බව රටට පවසා නැවත ඇමති ධුරවල සුපුරුදු රාජකාරී කිරීමට ද සැලසුමක් ඇතැයි වාර්තා වෙයි.

මේ අනුව ඉල්ලා අස් වූ ඇමතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල එම අමාත්‍යංශවලින් ඉවත් වීමක් හෝ ඒ සඳහා නව නිලධාරීන් පත්වීමක් හෝ සිදු නොවනු ඇත.

ඒ ඒ අමාත්‍යංශ භාරව සිටි ඇමතිවරුම පසුබිමෙහි සිට අදාළ ඇමති ධුරවල කටයුතු සිදු කරනු ඇති අතර මාසයක් පමණ කාලයක් ඇතුළත ඔවුන් නැවත සුපුරුදු පරිදි ඉල්ලා අස් වූ ඇමති ධුරවල දිවුරුම් දුන් බව ප්‍රකාශ කරනු ඇත.

අවුෆ් හකීම් ඉල්ලා අස්වෙමින් ප්‍රකාශ කළේ රජය කටයුතු කරන ආකාරය පිළිබඳ පිළිකුළට පත්ව සිටිය ද ඇමති ධුරවලින් ඉල්ලා අස්වුවද පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙස මෙම ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *