ලංකාවේ නීති විරෝධී පල්ලි 150කින් අඩු කර ලියාපදිංචි පල්ලි ගණන 100කින් වැඩිකර අරලියගහ මැදුරේ සිට ඇමති හකීම් රටටම බොරු කියයි!

May 7, 2019 at 7:54 am | by admin

ශ්‍රී ලංකාවේ නීති විරෝධි මුස්ලිම් පල්ලි 350ක් පමණ ඇතැයි ද ඒවාට මුදල් ලැබෙන්නේ කෙසේද යන්න නොදන්නා බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

මෙසේ මුදල් ලැබෙන ආකාරය හෙළි නොකරන පල්ලි සඳහා නඩු පැවරිය හැකි බව ද හෙතෙම පවසන ඇමතිවරයා රටේ ලියාපදිංචි පල්ලි 2500ක් පමණ ඇතැයි ද පවසයි.

කෙසේ වුවද මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්. ආර්.එම් මලික්ට අනුව ලියාපදිංචි නොකළ පල්ලි 500කට අධික ප්‍රමාණයක් ලංකාව පුරා ඇත. එසේම ලියාපදිංචි කර ඇත්තේ 2400ක් පමණි.

මේ අනුව ඇමති හකීම් මේ රටේ පවතින නීති විරෝධි පල්ලි ගණන 150කින් අඩු කරන අතර ලියාපදිංචි පල්ලි ගණන 100කින් ඉහළ දමා තිබේ.

දයාසිරි ජයසේකර පසුගියදා ප්‍රකාශ කළේ 2015 වසරේ සිට මුස්ලිම් ආගමික කටයුතු ඇමති අබ්දුල් හලීම් තවුහිද් ජමාත් පල්ලි 400ක් සඳහා අනුමැතිය ලබා දී ඇති බවය.

පසුගියදා මරාගෙන මැරුණේ ජාතික තවුහිද් ජමාත් නායකයා ඇතුළු අන්තවාදීන් පිරිසකි. පසුගියදා පොලිසිය සහ හමුදාව රට පුරා ආයුධ සහ ත්‍රස්තවාදීන් සොයා සිදුකළ මෙහෙයුම්වල දී නැඟෙනහිර පළාතේ පල්ලි පරීක්ෂාවට ඉඩ නොදුන් බව හමුදාපතිවරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස