සජිත් හෙළ උරුමයෙන් තරඟ බිමට! අගමැති අපේක්ෂක පාච රණවක! හකීම්, බදියුදීන්, මනෝ සහායට!

September 9, 2019 at 2:43 pm | by emanisa.lk

එජාප නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට තරඟ වැදීමට තීරණය කිරීමත් සමගම ජාතික හෙළ උරුමයෙන් තරඟ වැදීමට එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස තීරණය කර ඇත.

මේ පිළිබඳ සජිත් පිලේ ප්‍රබලයන් පිරිසක් ජාතික හෙළ උරුමයේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ඇතුළු නායකයන් මුණගැසී ඊයේ (08) සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී ජාතික හෙළ උරුමයෙන් සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමටත් පාඨලී චම්පක රණවකට අගමැති අපේක්ෂකත්වය ලබාදීමටත් එකතාඟවක් ඇති කරගැනීමට ඔවුන් සමත්වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සනාථ කරයි.

මේ සඳහා රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන් මෙන්ම මනෝ ගනේෂන් ද සිය එකඟතාව ද පල කර ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර ජනාධිපතිවරණය ඉලක්ක කරගත් පුළුල් සන්ධානයක් බිහිකරගැනීමට ශ්‍රීලනිප මෙන්ම ජවිපෙ සමගද මේ සතිය තුළම සාකච්ඡා ඇරඹීමට එජාප සජිත් පිලේ ප්‍රබලයෙක් ලහිලහියේ කටයුතු කරන බව තව දුරටත් වාර්තා වෙයි.

දැනටමත් එජාපයට අහිමි වී ඇති සිංහල බෞද්ධ ඡන්ද පදනම ජාතික හෙළ උරුමය සහ පාඨලී චම්පක ද සුළු වාර්ගික ඡන්ද රවුෆ් හකීම් රිෂාඩ් බදියුදීන් සහ මනෝ ගනේෂන් ඔස්සේ ද දිනා ගැනීමට සැලසුම් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස