ඇතැම් මුස්ලිම්වරු ඇඳුමින් පැළඳුමින් අරාබි මුස්ලිම් වෙස් ගැනීම අවුලක්! ගැටලුව විසඳීමට චොදනාවට ලක් වූ ඇමතිවරු තම නිවැරදි බව තහවුරු කළ යුතුයි! – අස්ගිරි අනුනායක හිමි (video)

June 11, 2019 at 10:33 pm | by emanisa.lk

ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන්ට වඩා මෙරට තුළ පිරිසක් ඇඳුමින් පැළඳුමින් සහ ආයතන ගොඩ නඟමින් අරාබි මුස්ලිම්වරුන් ලෙස පෙනි සිටීමෙන් අවුල්සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නා හිමියන් අවධාරණය කරයි.

උන්වහන්සේ මේ බව පැවසුවේ ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් අද(11) අස්ගිරි මල්වතු හිමිවරුන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදිය.

සාමුහිකව රජයේ තනතුරුවලින් ඉවත් වීම රට ජාතිය වෙනුවෙන් රටට වෙන හානිය වළක්වා ගැනීමට සාමුහික වශයෙන් ගන්නා ලද තිරණයක් බව රවුෆ් හකීම් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

මෙහිදී අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් කියා සිටියේ, සාමුහික වශයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ තමන් ප්‍රබලව කථා නොකල බවය.

කෙසේ වුවද චෝදනා එල්ල වු ඇමතිවරු පිරිසක් සිටින බවත් ඔවුන් නිර්භයට ඉදිරිපත් වී සිය නිවැරදිභාවය රටට තහවුරු කළ යුතු බවත් නැතිනම් මෙය විසඳෙන්නේ නැති බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස