පාස්කු ප්‍රහාරය එල්ල කළේ ISIS නෙමෙයි අදෘෂ්‍යමාන බලවේගයක්! හකීම්

June 24, 2019 at 2:45 pm | by emanisa.lk

පාස්කු ඉරිදා ප්‍රහාරය පසුපස අයි.එස් අයි.එස් සංවිධානය සිටින බව තමා පිළි නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අදෘෂ්‍යමාන බලවේගයක් ප්‍රහාරය පසුපස සිටින බව තමා විශ්වාස කරන බවයි.

තලාතුඔය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී රවුෆ් හකීම් මහතා මේ බව ප්‍රකාශ කළේ ප්‍රහාර සම්බන්ධයෙන් නිවැරදි පරික්ෂණයක් ඉටු කළයුතු බවත් ඒ සඳහා සිය පාර්ශවයේ සහය රජයට ලබා දෙන බවත්ය.

එමෙන්ම තමන්ට පවතින රජය සමඟ ඉදිරියට යා හැකි බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස