එජාප ඇමති ලැයිස්තුව ජනපති කුණු බක්කියට විසි කරයි! ජනපති එජාප ගැටුම බුර බුරා ඇවිළෙයි!

June 12, 2019 at 9:35 am | by emanisa.lk

කැබිනට් ඇමැති ධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතිවරු විසින් දරන ලද අමාත්‍යංශ සඳහා එක්සත් ජාතික පක්‍ෂය විසින් වැඩ බැලීම සඳහා නිර්දේශ කර යවන ලද නම් ලයිස්තුව ජනාධිපතිවරයා විසින් ප‍්‍රතික්‍ෂෙප කර තිබේ.

රවුෆ් හකීම්, කබීර් හෂීම් සහ රිෂාඩ් බදියුදීන් යන ඉල්ලා අස්වූ ඇමතිවරුන් වෙනුවට වැඩබලන ඇමතිවරුන් පත් කරන්නැයි එජාපය නිර්දේශ කර යවා ඇත්තේ ඇමති රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම සහ රංජිත් මද්දුම බණ්ඩාරය.

කෙසේ වුවද ජනාධිපතිවරයා එම නිර්දේශ ප්‍රතික්ෂේප කර අදාළ අමාත්‍යංශවල රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් වැඩබලන ඇමැතිවරුන් වශයෙන් පත් කර ඇත.

එජාප නිර්දේශිත වැඩබලන ඇමති ලැයිස්තුව ප්‍රතික්ෂේප කළ ද බුද්ධික පතිරණ, ලකී ජයවර්ධන සහ අනෝමා ගමගේ යන එජාප රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමති පිරිස වහාම අදාළ ධුරවල දිවුරුම් දීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස