බුර්කාවට නීති දාන්න එපා! ඒක හරිම සෙන්සිටිව් ඉෂූ එකක්! – ඇමති හකීම් කියයි… ඇමති මංගල අනුමත කරයි…

August 28, 2019 at 5:04 pm | by emanisa.lk

බුර්කාව සම්බන්ධ නීති පැනවිමට පසුගිය කැබිනට් මණ්ඩලයේ දී ඇමති රවුෆ් හකීම් විරුද්ධ වී ඇති අතර ඇමති මංගල සමරවීර ඊට සහාය පළ කර තිබේ.

මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීම පිළිබඳ සාකච්ඡාවේ දී බුර්කාව පිළිබඳ නීතියක් සම්පාදනය කළ යුතු බවට යෝජනාවක් පැමිණි අවස්ථාවේ ඇමති හකීම් ඊට එරෙහි වී ඇත.

‘නෑ… නෑ… බුර්කාවට නීති ගේන්න ඕන නෑ… ඒක හරිම ‘සෙන්සිටිව් ඉෂූ’ එකක්…’ රාවුෆ් හකීම් එක හෙළා ම විරුද්ධ වූ අතර ඇමති මංගල සමරවීර ද ඔහුගේ පැත්ත ගත්තේ ය.

‘ඒ වුණාට පහුගිය දවස්වල මේ ගැන බරපතළ ආන්දෝලනයක් ආවා… එක් එක්කෙනාට වෙනස් වෙනස් විදියෙ වරප්‍රසාද තිබුණම හැමෝම අතරෙ ආතතිය වැඩි වෙනවා… හැම දෙයකටම පොදු නීති තියන එක තමයි හොඳ… පහුගිය දවස්වල ඉන්දියාවත් ‘පොදු නීති’ ගෙනාවනෙ…’ ඇමති පාඨලී චම්පික කීවේය.

‘ඕනැම නං ‘පොලිස් ඕඩිනන්ස් එකට’ අදාළව චක්‍රලේඛයක් දාලා බුර්කාව භාවිතයට අදාළව පියවරක් ගන්න… වෙනම නීති ගේන්න නං එපා…’ හකීම් නැවතත් අවධාරණය කළ අතර ඇමති පාඨලී ඇතුළු සියලු දෙනා නිහඬ වූහ.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම ‘ජනාධිපතිවරයා’ වෙත යොමු කිරීමට කැබිනට් මණ්ඩලය කටයුතු කළේය.

මඩකලපුවේ ෂරියා විශ්වවිද්‍යාලය පිළිබඳ නීතිය ක්‍රියාත්මක නොකර කල් අරින බවට ද ඇමති හකීම්ට චෝදනා නැඟෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස