රනිල්ගේ යටිකූට්ටු වැඩවලට අපි විරුද්ධයි! ජනප්‍රිය නායකයා අපේක්ෂකයා කරන්න ඕන! – ඇමති හකීම් සජිත් තුරුලට…

August 29, 2019 at 10:47 am | by emanisa.lk

අගමැති රනිල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග එකතු වී ජනාධිපති ධුරය අහෝසි කිරීමට යටිකූට්ටු වැඩ කරන්නේ නම් ඊට තමන් ඉඩ නොදෙන බව ඇමති රවුෆ් හකීම් පවසයි.

පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇමති රවී කරුණානායක ජනාධිපතිවරයා රහසේම හමු වී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සහාය ඉල්ලා තිබේ.

එවැනි අදහසක් ඇත්නම් ඒ පිළිබඳ තමන් සමග සාකච්ඡා කළ යුතු බවත් මේ ආකාරයට යටිකූට්ටු වැඩ කර ජනාධිපති ධුරය අහෝසි කිරිමට ඉඩ නොදෙන බවත් අමැතිවරයා අවධාරණය කළේය.

පක්ෂයේ ජනප්‍රිය අපේක්ෂකයා තෝරා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට ආණ්ඩු පක්ෂයට මෙතෙක් නොහැකි වීම පිළිබඳ තමන් කනගාටු වන බව ද ඇමතිවරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස