ඉවත් වූ ඇමතිවරු 06ක් පසුපෙළට! තිදෙනෙක් වෙනසක් නෑ! දෙදෙනෙක් යළි ඇමති ධුරවලට?

June 18, 2019 at 10:27 am | by emanisa.lk

අමාත්‍ය ධූරවලින් ඉවත් වූ මුස්ලිම් නියෝජිතයන් සිය ධූර සම්බන්ධයෙන් අද (18) අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

හිටපු අමාත්‍ය අබ්දුල් හලීම් ඉකුත්දා ප‍්‍රකාශ කළේ සිය මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේදී අද රැස්වී ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි. ඒ අනුව බොහෝ දුරට කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මන්ත්‍රීවරුන් අද යළි අමාත්‍ය ධූර භාරගනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් 6 දෙනෙකුට අද සිට පාර්ලිමේන්තු සභා ගර්භයේ පසුපෙළ අසුන් පනවා තිබේ. ඒ ඔවුන් සිය අමාත්‍ය ධූර වලින් ඉල්ලා අස්වීමේ ලිපි කථානායකවරයා වෙත ලැබී තිබීම හේතුවෙනි. ඒ අනුව ඔවුන් ජ්‍යෙෂ්ඨත්ත්වය අනුව ආණ්ඩු පක්ෂයේ අසුන් ගනු ඇත.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය කබීර් හෂීම්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක හිටපු අමාත්‍ය රාවුෆ් හකීම් සහ සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ ඉදිරි පෙළ අසුන්වල වෙනසක් සිදු නොවන බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සදහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස