ආණ්ඩුවේ සුළු වාර්ගික පක්ෂ රනිල් අතහැර සජිත්ට කිට්ටුවෙයි! පාඨලි සහ අර්ජුනත් වැල යන අතට පෝලීමේ!

September 13, 2019 at 11:57 am | by emanisa.lk

රාජිත සේනාරත්න අමාත්‍යවරයා හැරුණු විට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන අනෙකුත් පක්ෂවල සියලු නායකයන්‌ගේ සහය සජිත් ප්‍රේමදාසට හිමිව ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන්, පී. දිගම්බරම්, පී. රාධක්‍රිෂ්ණන් යන නායකයන් නියෝජනය කරන පක්ෂවල පමණක් නොව චම්පක රණවක ඇතුළු හෙළ උරුමයේ සහයද ඔහුට ලැබී ඇතැයි පැවසෙයි. මීට අමතරව අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ සහයද සජිත් ප්‍රේමදාස වෙත ලැබි ඇත.

මීළඟට පැවැත්වෙන එජාපෙ නායක රැස්වීමට සජිත් ප්‍රේමදාස මහතාට ද ආරාධනා කර ඇති අතර ලබන සතිය මුල වන විට එජාප සහ එජාපෙ අපේක්ෂක ප්‍රශ්නය විසඳෙනු ඇතැයි අජිත් පී. පෙරේරා අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

අපේක්ෂකයා නම් කිරීම කල් දමමින් එජාප නායකයා, ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරට දේශපාලන අපරාධයක් සිදුකරමින් සිටින බවජාතික හෙළඋරුමයේ ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ අවධාරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස