මුස්ලිම් ඇමතිලා පාර්ලිමේන්තු ගියේ 100%ක් මුස්ලිම් ඡන්දවලින්ද? මුස්ලිම් ඇමතිලා සියලු දෙනාට ඉල්ලා අස්වෙන්න කිව්වේ කවුද? – අපි ජාතික බලවේගය

June 4, 2019 at 8:41 am | by admin

ආණ්ඩුවේ මැති ඇමති ධුර දැරූ මුස්ලිම් ජනතාව නියෝජනය කරන සියලු මුස්ලිම් මැති ඇමතිවරු ඉල්ලා අස්වන බවට මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් ප්‍රකාශ කිරීම ගැටලු සහගත බව අපි ජාතික බලවේගය සංවිධානය පෙන්වා දෙයි.

එහි විධායක සභාපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමි වැඩි දුරටත් මෙසේ පැවසීය.

“ඔවුන්ගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න තියෙනවා.. එකක් තමයි ඔවුන් සමස්ථයක් පාර්ලිමේන්තුව නියෝජනය කළේ සියයට සියයක් මුස්ලිම් ඡන්ද වලින්ද?… ඔවුන් නියෝජනය කළේ මුස්ලිම් ජනතාව විතරමද?. ඒ තුළ ජාතිවාදය නැද්ද?. අනෙක් කරුණ චරිත 03ක් වෙනුවෙන් සමස්ථයම ඉල්ලා අස්වීම තුළින් චෝදනා ලබපු පුද්ගලයින් ආරක්ෂා කරනවාද? රට හමුවේ ඇති මේ ගැටලුවලට ඉල්ලා අස් වූ සියලු ඇමතිවරු පිළිතුරු ලබා දිය යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස