සජිත්ගේ උතුරු නැ‍ඟෙනහිර ඡන්ද මෙහෙයුම රනිල් භාරගනී! මැතිවරණ මෙහෙයුම් කමිටුවට බදියුදීන්, පාඨලි සහ හකීම්!

September 27, 2019 at 12:40 pm | by emanisa.lk

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය ප්‍රමුඛ උතුරේ ජනතාවගේ සහ නැගෙනහිර පළාතේ බහුතර මුස්ලිම් ප්‍රජාවගේ සහය ගැනීමේ කාර්යය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ භාරගෙන තිබේ.

සමස්ත උතුරු පළාතේ සහ නැගෙනහිර පළාත් ජනාධිපතිවරණ ව්‍යාපාරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙනු ඇත. දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබන එජාප අපේක්ෂකයාට වාසි සහගත උතුරු නැඟෙනහිර ප්‍රචාරණ කටයුතු අගමැතිවරයා භාරගැනීම විශේෂත්වයකි.

මෙම ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම්, මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන අයගෙන් මෙහෙයුම් කමිටුවක් පත් කෙරෙන අතර එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් රවුෆ් හකීම්, රිෂාඩ් බදුයුදීන්, මනෝ ගනේෂන්, රාජිත සේනාරත්න, පලනි දිගම්බරන් සහ පාඨලී චම්පක රණවක අමාත්‍යවරු එම කමිටුවේ සාමාජිකත්වය දරති.

ජනාධිපති වී වසරක් ඇතුළත අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බවට අගමැති රනිල් වික්‍රමසිංහ තම පක්ෂයට පොරොන්දු වූ බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පසුගියදා පවසා තිබිණි. විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට තමා අගමැතිරයාට දන්වා සිටි බව සම්බන්ධන් වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස