අයවැය කටේ අන්තවාදීන් ආණ්ඩුව ප්‍රාණ ඇපයට ගනී! කල්මුණේ බලය අල්ලන සටන ඇවිලේ!

March 11, 2019 at 4:25 pm | by admin

අයවැය සම්මත කර ගැනීමට සිය ඡන්දය උවමනා නම් කල්මුණේ උප ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් බවට පත් කළ යුතු යැයි දෙමළ සන්ධානය ඉල්ලා සිටියි. කෙසේ වුවද රවූෆ් හකීම්ගේ මුස්ලිම් කොංග්‍රසය ඊට දැඩි ලෙස විරුද්ධ වී ඇති අතර ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ රිෂාඩ් බදූර්දීන් ද මුස්ලිම් කොංග්‍රසයට සහාය පළ කර ඇත.

මුස්ලිම් කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය මුස්ලිම් ජනතාව නියෝජනය කරන ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ දෙකක් වුවද සිය වාර්ගික අවශ්‍යතා උදෙසා එක්ව මෙහිදී සිය පොදු සතුරා වන දෙමළ සන්ධානයට මුහුණ දීම කැපී පෙනෙයි.

මෙයට පෙර අයවැයට සිය ඡන්දය උවමනා නම් ත්‍රස්ත විරෝධි පනත අහෝසි කළ යුතු බවට ද දෙමළ සන්ධානය කොන්දේසියක් පනවා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස