NGOකාරයන් පැන්නූ සුරේෂ් සාලේ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානි ධුරයට!

December 5, 2019 at 6:47 pm | by emanisa.lk

හිටපු යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානි බ්‍රිගේඩියර් සුරේෂ් සාලේ රජය බුද්ධි ප්‍රධානි ධුරයට පත් කර තිබේ.

2016 නොවැම්බර් මාසයේ මුලදී
යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානි තනතුරේ කටයුතු කළ බ්‍රිගේඩියර් සුරේෂ් සලේ එම තනතුරින් ඉවත් කළේය.

බ්‍රිගේඩියර් සුරේෂ් සලේ යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානී තනතුරෙන් ඉවත් කරන ලෙස සරත් විජේසූරිය, සමන් රත්නප්‍රිය, ගාමිණී වියන්ගොඩ ප්‍රමුඛ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් විසින් එවක ජනපතිවරයාට දැඩිලෙස බලකර තිබිණි.

බ්‍රිගේඩියර් සුරේෂ සාලේ ජාත්‍යන්තර ඊළාම් ජාලයේ රහසිගත ක්‍රියාකාරම් රැසක් හෙළිදරව් කරගැනීමට සමත් වූ රට වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් කළ නිලධාරියෙක් වන අතර ප්‍රංශ කොටි ජාලයේ ක්‍රියාකාරකම් මුළුමනින්ම හෙළිදරව් කරගැනීමට ඔහු සමත්විය. කොටි ඩයස්පොරා ක්‍රියාකාරම්වලට එරෙහිව ක්‍රියාත්මක වන මෙරට බුද්ධි අංශ ක්‍රියාන්විතය අඩාල කිරීම සඳහා බ්‍රිගේඩියර් සුරේෂ් සාලේ ඉවත් කිරීමට කොටි ඩයස්පොරාවට දැඩි ලෙස අවශ්‍ය වී තිබිණි.

බ්‍රිගේඩියර් සුරේෂ් සාලේ ඉවත් කිරීමත් සමගම කොටි ජාත්‍යන්තර ජාලය උද්දාමයට පත්ව තිබූණු අතර ඊළාම් වෙබ් අඩවි මගින්ද ඔහු තනතුරින් ඉවත් කරනු ඇතැයි බලාපොරොත්තු සහගත පුවත් ප්‍රචාරය කර තිබුණු බවද වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස