අහිතකර බුද්ධි වාර්තාවක් නිසා ෂාරියා විශ්වවිද්‍යාලය ඇරඹු හීරා පදනම ලියාපදිංචිය ප්‍රතික්ෂේප කරයි!

June 27, 2019 at 2:12 pm | by emanisa.lk

මඩකළපුව ෂරියා විශ්වවිද්‍යාලය හෙවත් බැටිකලෝ කැම්පස් ප‍්‍රයිවට් ලිමිටඞ් ආයතනය ඉදිකරන ලද හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගේ ‘හිරා පදනම’ පිළිබඳ අහිතකර බුද්ධි වාර්තාවක් ලැබී ඇති බැවින් එම පදනම ලියාපදිංචි කළ නොහැකි යැයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය 2012 වසරේදී හිස්බුල්ලාට දැනුම් දී ඇත.

එවකට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නියෝජ්‍ය ඇමැති ලෙස කටයුතු කළ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා 2011 වසරේ ජුලි මස හත්වැනිදා ‘හිරා පදනම’ ලියාපදිංචි කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය වෙත අයදුම්පතක් යොමු කර තිබේ.

එහෙත් එම පදනම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශය යහපත් නිර්දේශයක් ලබා නොදී අහිතකර බුද්ධි වාර්තාවක් භාර දී ඇති බැවින් හිරා පදනම ලියාපදිංචි කිරීමට අවසර නොදෙන බව එවකට රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා හිස්බුල්ලාට දන්වා යවා තිබේ.

ඒ අනුව හිස්බුල්ලා මහතාගේ මෙම හිරා පදනම තවමත් රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි පදනමක් නොවන බවට එහි අධ්‍යක්ෂවරයකු වන ආර්.එස්.කේ. ගල්වලගේ මහතා ඊයේ (26දා) අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ අධීක්ෂණ කමිටුව වෙතද දන්වා ඇත.

දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස