ඉතිරි බුද්ධි අංශ නිලධාරීන් ටිකත් අල්ලලා හිරේ දාන්න! 1994ට පස්සේ රටට ඇඳිරි නීතිය දාන්නේ යහපාලන කාලේ! – විපක්ෂ නායක

April 23, 2019 at 8:52 am | by admin

චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන කාලයේ හෝ තම පාලන කාලයේ රටට ඇඳිරි නීතිය නොපැනවූ බව පෙන්වා පවසන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අවසානය වතාවට රටට ඇඳිරි නීතිය පැනවූයේ ගාමිණි දිසානායක මිය ගිය දින බව පවසා තිබේ.

රට පුරා ඇඳිරි නීතිය පැනවීම නිසා ජන ජීවිතය අඩාල වන බවත් අවශ්‍ය ස්ථානවලට පමණක් ඇඳරි නීතිය පනවන ලෙසත් විපක්ෂ නායකවරයා අගමැතිවරයා දැනුම් දී තිබේ. පසුගිය කොටි ත්‍රස්ත ගැටුම් සමයේ පවා රටට ඇඳිරි නීතිය පැනවූයේ නැත.

බුද්ධි අංශ දඩයම් කර බුද්ධි අංශ දුර්වල කර පවතින පසුබිමක පවා ඔවුන් සිය වගකීම හැකි ආකාරයට ඉටු කළ බව පෙන්වා දුන් බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශවලට කිසිසේත් ඇඟිල්ල දිගු නොකළ යුතු බව පෙන්වා දුන්නේය. ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් බුද්ධි අංශ වෙත චෝදනා කිරීමට විපක්ෂ නායකවරයා එරෙහි විය.

මේ වන විට බුද්ධි අංශ නිලධාරීන් භාගයක් සිටින්නේ සිරගෙවල්වල බවත් ඉතිරි බුද්ධි අංශ නිලධාරීන්ද හැකි නම් අත්අඩංගුවට ගෙන සිරගත කරන්න යැයි ද එවිට මීට වඩා දේවල් දැකගත හැකි වනු ඇතැයි ද මාධ්‍ය හමුවේ පැවසුවේ ආණ්ඩුවේ බුද්ධි අංශ දඩයමට විරෝධය පළ කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස