ඇල්ලූ ආයුධ වගේ තුන් ගුණයක් ආයුධ හිස්බුල්ලා ළඟ තියෙනවා! ආණ්ඩුකාර ධුරයෙන් පන්නා වහාම පරීක්ෂණයක් කරනු! – හින්දු සම්මේලනය (video)

May 3, 2019 at 4:17 pm | by admin

නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා සතුව දැනට අත්අඩංගුවට ගත් ආයුධ මෙන් තුන් ගුණයක් තිබිය හැකි බවත් වහාම ඔහු දරන ආණ්ඩුකාර තනතුරෙන් ඉවත් කර අත්අඩංගුවට ගෙන මේ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ශ්‍රී ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන් අරූන්කාන්න් මහතා පවසයි.

පසුගිය සිකුරාදා(27) මහනුවරදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

පසුගිය යුද සමයේ හිස්බුල්ලා කොළඹින් ආයුධ ගෙනැවිත් සිය තරුණයන්ට ලබා දුන් බව මුස්ලිම් මව්ලවිවරුන් පිරිසකට පවසන වීඩියෝවක් මාධ්‍ය වෙත නිකුත් කළ ඒ මහතා මෙම ආයුධ යුද්ධයට පසු නැවත භාර දී නැති බවත් ඒවා හිස්බුල්ලා සහ ඔහුගේ සහචරයන් අත ඇති බවත් පෙන්වා දෙයි.

මේ පිළිබඳ වසර දෙකක් තිස්සේ ජනාධිපතිවරයා මෙන්ම බුද්ධි අංශ තමා විසින් කිහිප වරක් දැනුම්වත් කළ බව පැවසූ අරුන්කාන්ත් මහතා ඒ ගැන කිසිදු විමර්ශනයක් නොකළ බව ද පැවසීය.

පහළ බුද්ධි අංශ නිලධාරීන් මේ පිළිබඳ ඉහළ නිලධාරීන්ට දැනුම් දී ඇති බව ද ඉහළ නිලධාරීන් ඒ සඳහා උවමනා ඉදිරි විමර්ශන සඳහා නියෝග ලබා දී නැති බව ද පවසයි.

තමන්ට දැනුම් දුන්නේ නැතැයි එකිනෙකාට චෝදනා කරමින් කාලය ගත නොකර මේ පිළිබඳ වහාම පරීක්ෂණයක් කරන මෙන් ශ්‍රී ලංකා හින්දු සම්මේලනයේ සභාපතිවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස