අන්තවාදී සංවිධානයක් මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානම් බවට බුද්ධි අංශ දැනුම් දීලා! එහෙත් ආරක්ෂක පියවර ගෙන නෑ! අදාළ ලිපිය මාධ්‍ය වෙත මුදා හරී!

April 21, 2019 at 12:47 pm | by admin

අද උදෑසන රට පුරා පල්ලි තුනකට සහ කොළඹ ප්‍රධාන පෙළේ හොටෙල් තුනකට එල්ල වූ ප්‍රහාරය අන්තවාදී ආගමික සංවිධානයක් මගින් සිදු කළ එකක් බව ඇඟවෙන බුද්ධි අංශ වාර්තාවක් සමාජමාධ්‍ය වෙත මුදා හැර තිබේ.

එහි සඳහන් වන්නේ එක්තරා සංවිධානයක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සඳහා සැලසුම් කරන බවත් එහෙයින් ඒ ඒ අංශවලින් ආරක්ෂාව සලසන ප්‍රභූවරුන්ගේ සහ ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසය.

බුද්ධි අංශ අතර හුවමාරු වන අතිශය රහස්‍ය වාර්තාවක සඳහන් තොරතුරුවලට අනුව කටයුතු නොකර මෙවැනි සංවේදී අවස්ථාවක එම ලේඛන සමාජජාලා වෙත නිකුත් කරනු ලබන්නේ ජනතාව කුපිත කර ආගමික ගැටුමක් ඇවිළීමේ කූට අරමුණින් බව පැහැදිලිය.

ලිපියේ සඳහන් ආකාරයේ ප්‍රහාරයක් පිළිබඳ බුද්ධි අංශ වෙත තොරතුරු ලැබුණේ නම් කළ යුතුව තිබුණේ එම ප්‍රහාරකයින් පිළිබඳ සොයා බැලීම සහ අවශ්‍ය නම් අත්අඩංගුවට ගෙන අදාළ ප්‍රහාර ව්‍යවර්ථ කිරීමය. එහෙත් බලධාරීන් ඒ සඳහා පියවර ගත් බවක් වාර්තා නොවෙයි.

මෙම වාර්තාව අනුව කටයුතු නොකළේ ඇයිද යන්න මෙන්න ඒ සඳහා වගකිව යුත්තේ කවුද යන්න අනාවරණය කිරීම ආණ්ඩුවේ වගකීමය. කෙසේ වුවද අදාළ පරීක්ෂණ සඳහා අවස්ථාව ලබා දෙමින් ජනතාව නීතිය අතට නෙගෛන සාමකාමී ලෙස හැසිරීම ඉතාම වැදගත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *