එජාප ජනාධිපතිකමට වඩාත් සුදුසු ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කී කිරිඇල්ලයි! රනිල් කියන්නේ පෝනියා අශ්ව රේස් එකකට දාලා වැඩක් නෑ! – විජේදාස

June 11, 2019 at 4:27 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා වඩාත් සුදුසු පුද්ගලයා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පවසයි.

පසුගිය වසර 20ක පමණ කාලය තුළ සියලුම එජාප නායකයන්ගේ හැසිරීම සහ කටයුතු කළ ආකාරය දෙස බලා තමා මෙම නිගමනයට පැමිණි බව ද හෙතෙම පැහැදිලි කළේය.

වර්තමාන එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ එම තනතුරට සුදුසු නම් 2010 සහ 2015 ඔහු ඉදිරිපත් කරන බවත් අශ්වයන්ගේ තරඟයට පෝනියකු ඉදිරිපත් කර පලක් නොමැති බවත් මන්ත්‍රීවරයා හෙළි කළේය.

ආරක්ෂ ප්‍රධානීන් බුද්ධි අංශ නිලධාරීන් කැඳවා ප්‍රශ්න කරන පාස්කු ප්‍රහාරය පිළිබඳ තේරීම් කාරක සභාව මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශනය කළ යුතු බව ප්‍රකාශ කළේ ද ජනාධිපතිවරයාට විරුද්ධව එම ප්‍රහාරයට පසු කැලෑ පත්තරයක් ගසා අතටම හසු වූයේ ද ඇමති කිරිඇල්ලය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස