ගෝඨාගේ ජයග්‍රහණය නියතයි! රටවල් 4ක සමීක්ෂණවලින් තහවුරුයි! තානාපතිවරු සුබ පතති!

November 13, 2019 at 5:13 pm | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය ස්ථිර බව ප්‍රබල විදේශ රටවල් හතරක බුද්ධි අංශ විසින් තහවුරු කර ඇත.

ඇමරිකාව, චීනය, ඉන්දියාව, සහ රුසියාව යන රටවල් විසින් සිය බුද්ධි සේවා, තානාපති කාර්යාල හා තාක්ෂණික උපාංග ආශ්‍රයෙන් කරන ලද සමීක්ෂණවලදී මේ බව හෙළිව තිබේ.

ඉන්දියානු බුද්ධි අංශ වාර්තාව අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට උපරිම ලබාගත හැකි ඡන්ද ප්‍රමාණය 42% කි. ඇමරිකානු චීන රුසියානු සමීක්‍ෂණ කිසිවකදී සජිත් ප්‍රේමදාස 40% සීමාව ඉක්මවා නැත.

තමන් ඡන්දය භාවිත කරන්නේ කුමන අපේක්‍ෂකයාටදැයි මෙතෙක් තීරණය නොකල 3-4%ක ප‍්‍රතිශතයක් සිටින බව සඳහන් කරන එම වාර්තා මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ 53%ක ඡන්ද ප්‍රතිශතයත් ලබා ඉදිරියෙන් සිටින බව සඳහන් කර තිබේ.

මේ සමීක්‍ෂණ ප‍්‍රතිඵල සමගම එකී රටවල් දෙකක මෙරට සිටින තානාපති නිලධාරීන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්‍ෂ අමතා සුබ පතා ඇතැයිද ඉහළ පෙලේ ආරංචි මාර්ග පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස