ආණ්ඩුවේ මැති ඇමතිවරු සෝදිසි මෙහෙයුම් කරන්න දෙන්නේ නෑ! – ඩී.වී. චානක (video)

May 11, 2019 at 10:30 am | by admin

පාස්කු ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවාදීන් සහ ආයුධ සොයා ආරම්භ කළ මෙහෙයුම් නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවේ මැති ඇමතිවරු ඉඩ නොදෙන බවත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ගණනාවකට මෙම ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධ බවට චෝදනා නැඟෙන බවත් එක්සත් ජනතා නිදහස සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසයි.

වසර කිහිපයක් තුළ පොහොසතුන් වූ දේශපාලකයන් පිළිබඳ කාදිනල්තුමා සඳහන් කළ බවත් ඒ රූපවාහිනි ගුවන්විදුලි නාළිකා හිමි රිෂාඩ් බදූර්දීන් පිළිබඳ යැයි තමන්ට සිතෙන බව ද ඔහු පෙන්වා දුන්නේය. එහෙත් ආණ්ඩුව මෙම චෝදනා ලැබූ මැති ඇමතිවරුන් පිළිබඳ මෙතෙක් කිසිදු තීන්දුවක් ගෙන නැතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

ප්‍රහාරය ගැන පරීක්ෂණ පැවැත්වීමට ලෝක ප්‍රසිද්ධ බුද්ධි අංශ පැමිණිය ද අවසානයේ ශ්‍රිී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපතිවරයා පැවසූයේ 2014 දක්වා ගෝඨාභය රාජපක්ෂ ක්‍රියාත්මක කරන ලෙස බව ද හෙතෙම සිහිපත් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස