අපි හිස් තුවක්කු උණ්ඩ දුන්න සමාගම ශැංග්‍රිලා බොම්බකරුගේ සමාගමට කියලා මම දන්නේ නෑ! – බදූර්දීන්

April 30, 2019 at 12:23 pm | by admin

කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉන්ෂාෆ්ගේ සමාගම කොලෝෂියස් බව තමන් නොදන්නා බව අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතා පැවැසීය.

තමන් ඉන්ෂාෆ් පිළිබඳව දැනුවත් බවද ඔහු ප්‍රකාශ කළේය. දැනට අත්අඩංගුවේ පසුවන කෝටිපති ව්‍යාපාරික ඊබ්‍රයිම් හජ්ජියාර්ගේ එක් පුතෙකු වන ඉන්ෂාෆ් බිරිඳගේ පියා රිෂාඩ් බදූර්දීන් මහතාගේ පක්ෂයේ භාණ්ඩාගාරික වෙයි.

“අමුද්‍රව්‍ය දෙන එක අපේ වගකීමක්. ප්‍රශ්නයක් වුණාට පස්සෙ තමයි මේක එළියට ආවේ. අපි මේ ගැන පරීක්ෂණයක් කරනවා. කොතනහරි වැරදීමක් වෙලා තිබෙනවා නම් දඬුවම් දෙන්න ඕන.

කවදාවත් ඉන්ෂාප් කියන එක්කෙනා මාව හමුවෙලා කොම්පැණිය ගැන කියලා නෑ. ඔයාලා විශ්වාස කරන්න පුළුවන් අවිශ්වාස කරන්න පුළුවන්.”

කෙසේ වුවද අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ යටතේ පවතින කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් ඉන්ෂාප්ගේ සමාගමට සීමාව ඉක්මවා හිස් තුවක්කු උණ්ඩ ලබාදී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

බුද්ධි අංශ දැනට අනුමාන කරන පරිදි ප්‍රහාරය සඳහා බෝම්බ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්ෂාෆ්ගේ මෙම සමාගමේ තඹ කර්මාන්ත ශාලාවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස