අපේ කාලේ තවුහිද් ජමාත් ඇතුළු සියලු අන්තවාදී සංවිධානවලට බුද්ධි අංශ ඔත්තුකරුවෝ රිංගවලා පඩිත් ගෙව්වා! – මහින්ද (video)

May 12, 2019 at 11:58 am | by admin

තම පාලන කාලයේ දී විවිධ අන්තවාදී කණ්ඩායම් තුළට රජයේ ඔත්තුකරුවන් රිංගවා සිටි බවත් ඔවුන්ට ගෙවීම් කළ බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඉතාමත් වෘත්තිමය සූක්‍ෂම බුද්ධි අංශයක් තම පාලන කාලයේ රට තුළ පිහිටුවා තිබූ බවත් එය අද ඇමරිකාවට පවා ඇගයීමට සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

අන්තවාදී සංවිධාන පිළිබඳ ඉඟි ලැබුණු වහා ඒ පිළිබඳ මෙහෙයුම් ආරම්භ කළ බවත් එම සංවිධානවලට ඔත්තුකරුවන් රිංගවා ඔවුන්ගේ කටයුතු පිළිබඳ ඇස ගසා ගෙන සිටි බවත් හෙතෙම අවධාරණය කළේය.

එම පුද්ගලයන්ට රජය විසින් වැටුප් පවා ගෙවමින් ඔවුන්ගෙන් අවශ්‍ය තොරතුරු ලබා ගත් බවත් 2015 බලයට පැමිණි ආණ්ඩුව එම බුද්ධි අංශ මෙහෙයුම් අකුළා දැමීම මෙම විනාශයට හේතුව බවත් හිටපු ජනාධිපතිවරයා හෙළි කළේය.

විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැ එහි ගිය අවස්ථාවේදීය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස