අර්ජුන ඇමති ධුරයෙන් ඉවත් වෙයි! ෆොන්සේකා නීතිය හා සාමය ඇමති ධුරයට!

April 29, 2019 at 7:53 pm | by admin

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව කැබිනට් ඇමති ධුර ගණන 30කට සීමා වන බැවින් සරත් ෆොන්සේකා, පාලිත රංගෙබණ්ඩාර ඇතුළු ප්‍රබල මන්ත්‍රී පිරිසකට ඇමති ධුර ලබා දීමට නොහැකි විය.

කෙසේ වුවද මේ අවස්ථාවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සමග ජාතික ආරක්ෂාව පිළිබඳ වගකිව යුතු වගකීමක් සරත් ෆොන්සේකාට ලබා දිය යුතු බවට මතයක් නිර්මාණය කර තිබේ.

මේ අනුව ඔහුට එම අමාත්‍යංශය ලබා දීම සඳහා ඇමති අර්ජුණ රණතුංග සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශු මාරසිංහ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබේ.

මේ අනුව නීතිය හා සාමය ඇමති ධුරය සරත් ෆොන්සේකා වෙත ලබා දෙන්න යැයි ජනාධිපතිවරයාට නිර්දේශ කළ හැකිය. කෙසේ වුවද
ජනාධිපතිවරයා යටතේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය තමන් වෙත ලබා ගැනීමට එජාපය දිගින් දිගටම බලපෑම් කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ අනතුරු අඟවා තිබිය දී එම ප්‍රහාරය සිදුවන්නට ඉඩ දුන්නේ ජනාධිපතිවරයා යටතේ ඇති නීතිය හා සාමය ඇමති ධුරය තමන් වෙත ලබා ගැනීමට යැයි එස්.බී. දිසානායක එජාපයට චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස