කාන්තන්කුඩි පොලිසියේ දූෂිතයන් සිටිය දී සෙසු නිලධාරීන් මාරු කරයි!

June 1, 2019 at 1:39 pm | by admin

නැඟෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර විසින් මඩකලපුව කාත්තන්කුඩි පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් 20ක් වෙනත් පොලිස් ස්ථානවලට මාරු කර යවා තිබේ.

මෙම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් නීතිය ක්‍රියාත්මක නොකරන බවටත් අන්තවාදීන්ගේ මුදලට යට වී ඇති බවටත් පසුගිය සමයේ චෝදනා නැඟිණි.

මුස්ලිම් අන්තවාදීන් පිළිබඳ පොලිසියට ලබා දුන් තොරතුරු පවා මේ නිලධාරීන් නොතකා හැරීම පමණක් නොව නැවත අන්තවාදීන් අතට පත් කිරීමට ද කටයුතු කර ඇති බවට චෝදනා නැඟෙයි. ඇතැම් පොලිස් නිලධාරීන්ට නිවාස තනා දීමට වාහන මිලයට ගෙන දීමට පවා මේ අන්තවාදීන් කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.

මෙම පොලිස් නිලධාරීන් සාමාන්‍ය මුස්ලිම් ජනතාව සහ අන්තවාදීන් අතර ඇති වන ගැටුම්වල දී අන්තවාදීන්ගේ පාර්ශවය ගත් බවට ද නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකළ බවට ද චෝදනා එල්ල වෙයි.

සහාරන් හෂීම් ඇතුළු තවුහිද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ බොහෝ ක්‍රියාකාරකම් කේන්ද්‍රගත වූයේ මෙම ප්‍රදේයේය. මෙම ප්‍රදේශයේ රටේ නීතිය ක්‍රියාත්මක නොවන බවත් එහි ඇත්තේ වහාබ් අන්තවාදය බවත් පසුගිය සමයේ සුෆී මුස්ලිම් ජනතාව චෝදනා කළේය. ඒ සියල්ල ක්‍රියාත්මක වූයේ කාත්තන්කුඩි පොලිසියේ නිලධාරීන්ගේ ආශීර්වාදය ඇතිව බවට චෝදනා නැඟෙයි.

ඒ අනුව බුද්ධි අංශ වාර්තා පදනම් කරගෙන මෙම නිලධාරීන් මාරු කර ස්ථානාධිපතිවරයා පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කළ ද මෙහිදී මාරු කර යවා ඇත්තේ චෝදනාවට ලක් වූ දූෂිත නිලධාරීන් නොව වෙනත් පිරිසක් බවට චෝදනා නැඟෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස