ආණ්ඩුවට වගකීම පොලිස්පති මත පටවා ගැලවෙන්නට නොහැකි වන ලකුණු! පොලිස්පති ඉවත් කරන්න ප්‍රතිපාදන නෑ!

April 24, 2019 at 10:20 am | by admin

ව්‍යවස්ථා සභාවේ තීන්දුවක් අනුව පත් කළ පොලිස්පතිවරයා ඉවත් කිරීමට තමාට නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇතැයි වාර්තා වෙයි.

මෙයට පෙර අවස්ථාවක විවිධ අක්‍රමිකතා නිසා පොලිස්පතිවරයා ඉවත් කිරීමට තමා සූදානම් වූ විට ඇතැම් ඇමතිවරුන් ඒ සඳහා ඉඩ නොදුන් බව ජනාධිපතිවරයා ඇමතිවරුන් සමග පවසා තිබේ.

පසුගියදා රාජිත සේනාරත්න ඇමතිවරයා අරලියගහ මන්දිරයේ සිට මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබුණේ වගකීිම් විරහිත ලෙස කටයුතු කළ පොලිස්පතිවරයා ඉවත් කළ යුතුය.

මේ අතර පසුගිය මාස හතර පුරාම පොලිස්පතිවරයා ආරක්ෂක කවුන්සිලය වෙත කැඳවා නොමැති බව ද බුද්ධි අංශ පොලිස්පතිවරයාට ලබා දුන් සියලු තොරතුරු ඔහු සිය නිලධාරීන්ට ලබා දී ඇති බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස