අන්තවාදය වපුරන විදෙස් ඉස්ලාම් දේශකයන් 160ක් තවමත් ලංකාවේ!

May 9, 2019 at 7:57 am | by admin

ඉස්ලාම් ආගම ඉගැන්වීම සඳහා ඉන්දියාව, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, ඊජිප්තුව වැනි රටවලින් පැමිණි පිරිමි 160ක් පමණ ලංකාවේ තව දුරටත් රැඳී සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මේ පිරිස ඉගැන්වීම සඳහා බව පවසමින් ලංකාවට පැමිණ ඇති අතර මුස්ලිම් කටයුතු අමාත්‍යංශ සහ බුද්ධි අංශ නිර්දේශ මත මොවුන්ට වීසා නිකුත් කර ඇත.

කෙසේ වුවද මේ පිරිස ලංකාවට පැමිණ කරන කටයුතු අධීක්ෂණය භාරව ඇත්තේ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයටය. මෙහි ඇමතිවරයා ලෙස කටයුතු කරන්නේ කොම්පඤ්ඥ වීදියේ පල්ලියට කඩු ගෙනාවේ පල්ලිය වටා තණකොළ කැපීමට යැයි කී අබ්දුල් හලීම්ය.

එසේම 2015 සිට තවුහිද් අන්තවාදීන්ට පල්ලි 400ක් තැනීම සඳහා අනුමැතිය ලබා දීම පාස්කු ප්‍රහාරයට පසු සිදුකළ හමුදා සෝදිසි මෙහෙයුම්වලට බාධා කිරීම යන චෝදනා ද මොහුට එල්ල වී තිබේ.

වසර සිය ගණනක් මේ රටේ මුල් බැස පැවති සාම්ප්‍රදායික මුස්ලිම් දහම වෙනුවට නියම පිරිසිදු ඉස්ලාම් දහම යැයි කියා අන්තවාදී වහාබ්වාදී මතවාදවලට මේ රටේ මුස්ලිම් තරුණයන් නැඹුරු කරවන බවට මෙම විදෙස් ගුරුවරුන්ට චොදනා නැඟෙයි.

පසුගියදා අගමැතිවරයා කීවේ සංචාරක වීසා මගින් ලංකාවට පැමිණ ඉස්ලාම් දහම උගන්වන 600ක් රටින් පිටුවහල් කරන බවය. එහෙත් අන්තවාදය පරාජය කිරීමට එය පමණක් ප්‍රමාණවත් නැති බව බොහෝ දෙනාගේ මතයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස