අද පල්ලියට යන්න එපා කියලා තාත්තා කිව්වා! ඇමති හරීන් මරණයෙන් ගැළවුණු හැටි රටටම කියයි!

April 21, 2019 at 9:13 pm | by admin

ඇතැම් කරුණු සලකා බැලීමේදී අද දින මෙවැනි සිදුවීමකට මුහුණපෑමට සිදුවූයේ අදාළ අංශ විසින් දරුණු ලෙස වගකීම් පැහැර හැරීමක් සිදුකොට ඇති නිසා යැයි සැකයක් මතුවන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සතියකට පෙර බුද්ධි අංශ දැනුවත් කර තිබිය දී මෙවැනි සිදුවීමක් කෙසේ සිදුවුයේ දැයි මේ වන විට ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මේ සිදුවු දෙය සම්බන්ධයෙන් දැඩි තීරණ ගත යුතු බවත්, වගකීමක් ගත යුතු අයට වගකීමක් ගත යුතු වනවා සේම වගකීම් පැහැර හැරිය පුද්ගලයින්ට මේ සම්බන්ධයෙන් දැඩි ලෙස ක්‍රියා කිරීමට සිදුවන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

යම් විදියකින් මේ පිළිබඳ සිවිල් ජනතාව දැනුම්වත් කර තිබුණේ නම්, යනුවෙන් මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, තම පියා සති 3ක් පුරා කොළඹ රෝහලක ප්‍රතිකාර ලබන බවත් ඊයේ රාත්‍රීයේ කතා කොට පල්ලියට එහෙම යන්න එපා යැයි පැවසූ බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *