කොටි නැවතත් නැගිටියි! දැවැන්ත ප්‍රහාර මාලාවක් සූදානම්! ‍මෙවරත් පුහුණුව ඉන්දියාවේ!

January 27, 2019 at 9:23 am | by admin

දකුණු ඉන්දියාවේ පුහුණු කඳවුරු කිහිපයක කොටි ත්‍රස්තවාදීන් 25කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට පුහුණුව ලබමින් සිටිති. ඔවුන් මෙම වර්ෂයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර එසේ පැමිණි වහා උතුරු පළාත කේන්ද්‍ර කරගෙන දැවැන්ත ප්‍රහාර හතරක් එල්ල කිරීමට සැලසුම් කර ඇතැයි තොරතුරු වාර්තා වේ. කොටි සංවිධානයට සාමාජිකයින් බඳවා ගැනීම සඳහා ප්‍රචාරක මෙහෙයුමක් ලෙස මෙම ප්‍රහාර දියත් කිරීමට සැලසුම් කර ඇති බවට බුද්ධි අංශ අනාවරණය කර ඇත.

වව්නියාව පුලියන්කුලම ප්‍රදේශයේදී පුපුරන ද්‍රව්‍ය අඩංගු බෑගයක් අතහැර පලාගිය කන්දයියා ආනන්දරාසා සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ විමර්ශනයේදී අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් හයදෙනාගෙන් මෙම තොරතුරු හෙළිව ඇත.

මීට අමතරව තෙලිප්පලෙයි කිලිනොච්චි, වඩුක්කොඩෙයි, නෙදුන්කෝනි ආදී ප්‍රදේශ ගණනාවකින් වයස අවුරුදු 17-25 අතර තරුණයින් පහළොස් දෙනකුට වැඩි ප්‍රමාණයක් පසුගිය කාලයේ අතුරුදන් වී ඇති බවත් ඇතැම් දෙමාපියන් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති බවත් වාර්තා වේ.

දැනට ඉන්දියාවේ පුහුණුවීම්වල නිරත කොටි සාමාජිකයින් මෙරටට පැමිණි පසු උතු​රේ ද පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා අවශ්‍ය සාමාජිකයින් බඳවා ගැනීම සඳහා සිය ශක්තිය පෙන්වීමට මෙලෙස ප්‍රහාර වැලක් එල්ල කිරීමට සැලසුම් කර තිබේ.

එ් අනුව වව්නියාව නගරය කේන්ද්‍ර කරගෙන සිංහල ජාතිකයින් ඉලක්ක කර එක් ප්‍රහාරයක්ද, වව්නියාව පොලිසියේ නිලධාරීන් වැඩිපුර ගැවසෙන ස්ථානයකට තවත් ප්‍රහාරයක්ද, මඩු ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරක සෙබළුන් එළියට ගොස් පැමිණෙන විට තවත් ප්‍රහාරයක් එල්ල කිරීමටද සැලසුම් කර ඇත. ඊට අමතරව දෙමළ ඩයස්පෝරාවේ ඉලක්කයක් වී ඇති දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකුටද ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බව එම ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් හිටපු කොටි සාමාජිකයින් වන අතර දැනට ඉන්දියාවේ සිට පුහුණුවන කොටි සාමාජිකයින්ට නායකත්වය ලබා දෙන්නේ රංගන් හා ඉන්බන් යන හිටපු ප්‍රබල කොටි සාමාජිකයින් දෙදෙනා බවට බුද්ධි අංශ අනාවරණය කර ගෙන ඇත. ඔවුන් යුද සමයේ අවසන් කාලයේ ඉන්දියාවට පැන ගොස් සැඟවී සිට ඇති අතර ඩයස්පෝරාවේ වුවමනාවට මෙතෙක් කලක් ඉන්දියාවේ රැඳී සිට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස