රිෂාඩ්ට හිස්බුල්ලාට සාලිට චෝදනා තිබුණත් ඔප්පු වෙලා නෑ! ඔවුන් සමග පිරිසිදු ගමනක් ගොස් සජිත් දිනවනවා! – රංගෙ

October 5, 2019 at 12:59 pm | by emanisa.lk

අන්තවාදයට, බෙදුම්වාදයට සහ ත්‍රස්‌තවාදයට සම්බන්ධකම් ඇති බව පවසමින් දේශපාලකයන් කිහිප දෙනෙකුට චෝදනා එල්ල කළත් ඒවා සැකයෙන් තොරව ඔප්පුකර නොමැති නිසා ඔවුන් තවදුරටත් නිවැරදිකරුවන් බවත් ඔවුන් සමඟ දේශපාලන ගමනක්‌ යැම එක්‌සත් ජාතික පෙරමුණට අභියෝගයක්‌ නොවන බවත් හිටපු ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර පවසයි.

රිෂාඩ් බදියුදීන්, ඒ. එම්. එල්. හිස්‌බුල්ලා, මුජිබුර් රහුමාන්, හලීම්, අසාද් සාලි වැනි දේශපාලනඥයන්ට නොයෙක්‌ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ලවුවත් ජනාධිපති කොමිෂන් සභා, පාර්ලිමේන්තු තේරීම් කාරක සභා, බුද්ධි අංශ වාර්තා සහ පොලිස්‌ වාර්තා මගින්ද ඔවුනට එරෙහිව කිසිදු චෝදනාවක්‌ සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වී නැතැයි ද හෙතෙම සඳහන් කළේය.

චෝදනා සම්බන්ධයෙන් කතා කරන්නේ නම් ජනාධිපති අපේක්‌ෂක ගෝඨාභය රාජපක්‌ෂ මෙන්ම, හිටපු ජනාධිපති විපක්‌ෂ නායක මහින්ද රාජපක්‍ෂ ද අමතක කළ නොහැකි බව ද කී රංගේ බණ්‌ඩාර මහතා චෝදනා තිබූ පමණින්ම කිසිදු පුද්ගලයකු වැරදිකරුවකු වන්නේ නැති බව ද කියා සිටියේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී සියලු ජාතීන් නියෝජනය කරන දේශපාලන නායකයන් සමග පිරිසිදු ගමනක්‌ යමින් තම පෙරමුණේ අපේක්‌ෂකයා ජයග්‍රහණය කරවීමට ක්‍රියා කරන බව ද හිටපු ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස