අගමැති පැමිණි උත්සව සභාවෙන් ආගමික නායකයෝ පිටව යති!

August 15, 2019 at 3:29 pm | by emanisa.lk

වව්නියාව මහ රෝහලේ නව ගොඩනැඟිල්ලක් විවෘත කිරීමට සහ තවත් ගොඩනැඟිල්ලක් විවෘත කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ පැමිණි උත්සව සභාවකින් බෞද්ධ හින්දු සහ කතෝලික ආගමික නායකයන් පිටව ගොස් තිබේ.

මෙම උත්සව අවස්ථාවට ආගමික කටයුතු සඳහා කුරුඳුගොඩ පුඤ්ඤසාර හිමි ඇතුළු ආගමික නායකයන් සහභාගී වුවද අගමැතිවරයා ආගමික කටයුතු සිදුකිරීමට පෙර ගොඩනැඟිල්ල විවෘත කර නව ගොඩනැඟිල්ලට මුල් ගල ද තබා තිබේ.

මේ නිසා අදාළ අවස්ථාවේ ආගමික කටයුතු සඳහා ආරාධනා ලැබූ භික්ෂූූන් වහන්සේ ඇතුළු ආගමික නායකයන් දැඩි අපහසුතාවට පත්ව සංවිධායකයන්ට ද දොස් පවරා උත්සව සභාවෙන් නික්ම ගොස් තිබේ.

මේ අවස්ථාවට අගමැතිවරයාට අමතරව ඇමති රාජිත සේනාරත්න, රිෂාඩ් බදියුදීන් සහ දෙමළ ජාතික සන්ධානයේ එස්. ශිවමොහාන් ද සහභාගී වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස