උසාවි නියෝග බල්ලාට දමා කොළඹ කෝටි 800ක් පමණ වටින රජයේ ඉඩමක මුස්ලිම්වරු පදිංචි කරලා! ඊට එරෙහි වූ නාගරික කොමසාරිස් වහාම මාරු කරලා!

June 1, 2019 at 4:20 pm | by admin

කොළඹ නගරයේ කසළ කළමනාකරණය ඉතා කාර්යක්ෂමව සිදු කළ කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර හේතු දැක්වීමකින් තොරව වෙනත් ස්ථානයකට මාරු කිරීම තමා කිසිසේත් අනුමත නොකරන බව අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.

උන් වහන්සේ මේ බව පැවැසූවේ පසුගිය 29 වැනි දා රාජගිරිය, රතන සෙවණ බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ උන් වහන්සේ මෙසේ ද කීහ.

අදාළ ස්ථාන මාරුව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා විසින් සිදු කර තිබෙනවා. බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා විසින් නාගරික කොමසාරිස්වරයා වන වී. කේ. ඒ. අනුර මහතා වෙත ලබා දෙන අත්තනෝමතික නියෝග පිළි නොගැනීම අදාළ සිද්ධියට හේතු වී තිබෙනවා.

උසාවියෙන් ලබා දී තිබූ නියෝග නොතකා අසාත් සාලි මහතා විසින් අක්කරයකට ආසන්න කොළඹ නගර සභාව සතු කෝටි 800ක් පමණ වටිනා ඉඩමක මුස්ලිම් ජනතාව පදිංචි කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ මස් කඩ ටෙන්ඩර් පටිපාටියකින් තොරව මුස්ලිම් වෙළෙඳුන්ට ලබාදීමට ආණ්ඩුකාරවරයා මැදිහත්වීම සම්බන්ධයෙනුත් නාගරික කොමසාරිස්වරයාගේ විරුද්ධත්වය එල්වීමත් සමඟ අදාළ ස්ථාන මාරුව ලබා දී තිබෙනවා.

මෙවැනි ජාතිවාදී ක්‍රියා කෙරෙහි ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු කරන ලෙස ඉල්ලීමක් කරනවා. තමන් අදහන ආගම අනුව ජනතාවට ඉඩම් දෙන්න නොහැකියි. ජනතාවට ඉඩම් ලබාදීමේ දී ඉඩම් ලබාදීමේ සමස්ත පටිපාටිය අනුගමනය කළ යුතුයි. එසේම දේශපාලන සහ ආගමික වුවමනා මත ඉඩම් ලබා දිය නොහැකියි. ආණ්ඩුකාරවරයෙක් පත් කර තිබෙන්නේ සියලු ජාතීන්ටම නීත්‍යානුකූලව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවෙන්. රටේ අවිනිශ්චිත තත්ත්වය හමුවේ අපේ ප්‍රබලම අවිය වන අවිහිංසාව පාවිච්චි කර ආත්මාර්ථකාමී මිථ්‍යා දුෂ්ට පාලකයන් පරාජය කිරීමට කටයුතු කරමු.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස