ආණ්ඩුකාර හිස්බුල්ලා කිසි වරදක් කරලා නෑ! එතුමා ඉවත් කිරීමට මම විරුද්ධයි! – මොරවැව ප්‍රාදේශීය සභාවේ ශ්‍රීලනිප සභාපති හිමි…

June 3, 2019 at 7:58 am | by admin

නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා වරදකරුවෙකු නොවන හෙයින් එම තනතුරෙන් ඉවත් කිරිම අනවශ්‍ය බවත්, එතුමා ඉවත් කිරීමට තමන් වහන්සේ විරුද්ධ බවත් මොරවැව ප්‍රාදේශීය සභාවේ සභාපති පූජ්‍ය පොල්හේන්ගොඩ උපරතන හිමියෝ පැවසුහ.

ත්‍රිකුණාමලය ජෙකබ් පාර්ක් හෝටලයේදී අද (02) පැවැති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් ප්‍රතිසංවිධාන කටයුතු වලට පැමිණි අවස්ථාවේ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ එසේ කීය. මෙම ප්‍රතිසංවිධාන කටයුතු පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදි මාධ්‍යයට අදහස් දක්වමින් විශේෂ ප්‍රකාශයක් කළ පූජ්‍ය පොල්හේන්ගොඩ උපරතන හිමියෝ ආණ්ඩුකාරවරයාගේ කටයුතු පිළිබඳව දේශපාලන අධිකාරියත් භික්ෂුන්වහන්සේලා ලෙස අපිත් සොයාබැලුවා. එතුමා කිසිම වරදකට සම්බන්ධ වෙලා නැහැ කියලා අපිට වැටහෙනවා යැයි උන්වහන්සේ පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස