අනාථ කඳවුරක සිට දේශපාලනයට පැමිණි බදූර්දීන් ලොව බලවත්ම මුස්ලිම් ජාතිකයන් 500 අතරට!

March 24, 2019 at 4:49 pm | by admin

ලෝකයේ වඩාත්ම බලසම්පන්න මුස්ලිම්වරුන් 500 දෙනාගෙ ලයිස්තුවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නමත් ඇතුලත් වී ඇත.

ඇමති බදියුදීන් විසින් 2013/14 ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවධියේ, යුද්ධය හේතුවෙන් අවතැන් වූ මුස්ලිම් ජාතිකයන් දහස් ගණනක් නැවත පදිංචි කරවීම සදහා සිදුකල කාර්යයන් සම්බන්ධයෙන් එමගින් ඔහුව ඇගයීමට ලක්කර ඇත.

එම ලයිස්තුව මගින් අමාත්‍යවරයා, සෞදියේ අල්වලීඩ් බින් තලාල් කුමරු, (ලෝකයේ 26 වන ධනවත්ම පුද්ගලයා) මොහොමඩ් අල් ෆයිසාල් කුමරු යන බලගතු ඉස්ලාමීය නායකයන් හා සම තත්ත්වයේ බලපෑම් කළ හැකි පුද්ගලයෙකු ලෙස එම ලයිස්තුව මගින් හදුන්වා දී ඇත.

ලෝක ඉස්ලාමීය ප්‍රජාව වෙත ආර්ථික, දේශපාලනික සහ ආගමික වශයෙන් වඩාත් බලපෑමක් කළ හැකි පුද්ගලයන් සහිත මෙම වාර්ෂික ලයිස්තුව රාජකීය ඉස්ලාමීය උපාය මාර්ගික අධ්‍යන මධ්‍යස්ථානය (RISSC) විසින් සකස් කරන අතර එය, ජෝර්දානයේ අම්මාන්හි පිහිටි ජාත්‍යන්තර ඉස්ලාමීය රාජ්‍ය නොවන සංවිධානය සමග අනුබද්ධ ආයතනයක් වේ.

මේ වන විට මහා ධනවතකු බවට පත්ව සිටින බදූර්දීන් ඇමතිවරයාගේ වත්කම් හෙළි කරන ලෙස නඩුවක් ගොනුකර ඇති අතර ඔහු උතුරු නැගෙනහිර මුස්ලිම් ජනතාව කොටි සංවිධානය විසින් පලවා හැරීම නිසා 90 දශකයේ අවතැන් වූ පුද්ගලයෙකි. මේ වන විට රූපවාහිනි ජාලයක ද හිමිකරුවකු බව කියන ඇමති බදූර්දීන් නොබෝ දිනකින් පුවත්පතක් ද ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස