ආණ්ඩුකාර ධුරයෙන් පහ කරන්න යැයි කී හිස්බුල්ලාට ජනාධිපතිගෙන් තවත් තනතුරක්!

May 28, 2019 at 3:22 pm | by admin

නැඟෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සම්බධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ තිබේ.

නැගෙනහිර පළාතේ සිදුකරෙන සංවර්ධනය ගැන සොයා බලා ඒවා කඩිනම් කිරිම වෙනුවෙන් මෙම පත්වීම ලබාදී තිබේ.

නව පත්කිරීමත් සමඟ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සම්බන්ධිකරණ කමිටුවේ නව රැස්විම ලබන ජුනි 10 දා ත්‍රිකුණාමල දිසාපති කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරුන් ලෙස වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමැති එම්.ඒ.එම්.මහරුප් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් යන මහත්වරු දැනට කටයුතු කරති.

කෙසේ වුවද නැඟෙනහිර ෂාරියා විශ්වවිද්‍යාලයක් ඇති කිරීම කාත්තන්කුඩියේ මුස්ලිම් පාසල් කලාපයක් ඇති කිරීමට කටයුතු කිරීම ආදී චෝදනා රැසක් ඔහුට එල්ල වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස