කළුතර පැමිණි සාලි හූ හඬ මැද පස්ස දොරින් පළා යයි!

May 31, 2019 at 7:34 am | by admin

කළුතර දිස්ත්‍රිරක් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ සම සභාපති තනතුරට ජනාධිපති මෛත්‍රීරපාල සිරිසේන මහතා විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පත් කිරීමට එරෙහිව අසාද් සාලි මහතා කළුතර සම්බන්ධීකරණ කමිටු රැස්වීමට පැමිණි විට විරෝධය පළ කරමින් භික්‍ෂූන් වහන්සේලා ප‍්‍රමුඛ පිරිසක් ඊයේ (30 ) දහවල් කළුතර දිසා ලේකම් කාර්යාල ගේට්ටුව අසලදී විරෝධතාවක නිරතව සිටියහ.

උතුරු කළුතර ගංගාරාම විහාරාධිපති හෙට්ටිපොල සීවලී හිමි, ඈතගම විහාරාධිපති මස්පැන්නේ ගුණාලංකාර ඇතුළු හිමිවරුන් පස් නමක්ද ගිහි පිරිසක්ද මෙම විරෝධතාවට ඊයේ එක්ව සිටියහ. අහිමි වූ ජීවිතවලට අසාද් සාලි වගකිව යුතුයි! ජාතිවාදය වපුරන අසාද් සාලි වහා ඉවත් කරනු! ආදී පුවරු පිරිස විසින් ප්‍රදර්ශනය කළහ.

සභාව අවසන් වීමෙන් පසු ආණ්ඩුකාරවරයා එනතුරු භික්‍ෂුන් වහන්සේලා ප‍්‍රධාන ගේට්ටුව අසල රැඳී සිටි අතර කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න මහතා අසාද් සාලි මහතාට දිසා ලේකම් කාර්යාල පිටුපස ගේට්ටුවෙන් පිටතව රැගෙන යෑමට තැත් කළේය.

එම ස්ථානයට වැඩම කළ භික්‍ෂුන් වහන්සේලා මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ නියැළී සිටි අතර පොලිසිය මැදිහත්වී ආණ්ඩුකාරවරයාට ගමන් කිරීමට පහසුකම් සලසා දුන්නේය. එහිදී මග දෙපස රැඳී සිටි පිරිස මේ අවස්ථාවේදී හූ හඬ නඟමින් ආණ්ඩුකාරවරයාට විරෝධය පළ කළහ.

ආණ්ඩුකාර අසාද් සාලි මෙම රැස්වීමට පැමිණි වහා කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල සභාපතිවරු ඊට විරෝධය පා ඉන් පිටව ගියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස