ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සිංහල දෙමළ ජනතාව එකමුතුවක් ගොඩනඟනවා! – අතුරලියේ රතන හිමි

June 15, 2019 at 10:56 am | by emanisa.lk

ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සිංහල දෙමළ ඒකාබද්ධ වෙළඳ පෙරමුණක් ගොඩනගන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි. හින්දු බෞද්ධ සංස්කෘතික සංසදය යාපනය ප්‍රදේශයේ සංවිධාන කර තිබූ උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියාසිටියහ.

නැගෙනහිර පළාතේ ද්‍රවිඩ පාසල්වලට පවා හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා පත්වීම් ලබා දී ඇත්තේ මුස්ලිම් පුද්ගලයන්ට බව රතන හිමි පෙන්වා දුන්නේය. මෙම ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සිංහල සහ දෙමළ ජනතාව එක්විය යුතු බවත් උන්වහන්සේ පැවසූහ.

“මම මඩකලපුවට සහ ත්‍රිකුණාමලයට ගියා. එහේ පාසල්වල තත්ත්වය මොකක්ද? දෙමළ ගුරුවරුන්ට රැකියා නැහැ. හිස්බුල්ලා නැගෙනහිර පළාතේ සියයට 70ක් පමණ ගුරුවරුන් ලෙස පත්කරලා තියෙන්නේ මුස්ලිම් අයයි.

මම අද කියනවා අධ්‍යාපන දෙපාර්තමේන්තුවට හිස්බුල්ලා කරලා තියෙන මාරු කිරීම්වලින් දෙමළ ගුරුවරුන්ට දැඩි අසාධාරණයක් කරලා තියෙනවා. මඩකලපුව ප්‍රදේශයේ ගුරුවරුන්ට රැකියා දෙනකොට දෙමළ ගුරුවරුන්ට අවස්ථාව දිය යුතුයි.

හින්දු-බෞද්ධ එකමුතුවත්, සිංහල දෙමළ ව්‍යාපාරික එකමුතුවක් ඉක්මනින්ම අැති කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සියලු ඇමතිකම් අරගෙන මුස්ලිම් අය නැගෙනහිර පළාතේ එයාලගේ බලය වැඩිකරගෙන තියෙනවා.

අපි දෙගොල්ලෝ එකතු වුණොත් එහි එකතුව සියයට 90ක් වනවා. එතකොට ඔය ඉතිරි සියයට 10ට අපි බයවෙන්න ඕනේ නැහැ. මධ්‍යස්ත මුස්ලිම් අයටත් අපි කියනවා කැමතිනම් ඔය අන්තවාදයෙන් මිදිලා අපිත් එක්ක එකතු වෙන්න කියලා” යනුවෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස