ජනාධිපතිවරණයට මුස්ලිම් ජනතාව වෙනුවෙන් මම එනවා! අපි කැමති අපේක්ෂකයාට දෙවෙනි මනාපේ දෙනවා! – හිස්බුල්ලා

August 26, 2019 at 12:35 pm | by emanisa.lk

මුස්ලිම් ජනතාව නියෝජනය කරමින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන්ද සූදානම් බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පවසයි.

‘අපේ කිසිම ප‍්‍රශ්නෙකට විසඳුම් දෙන්න බැරිවුණා. එම නිසා අපි තරග කරලා දෙවන මනාපය දීලා ඒ හරහා අපේ ප‍්‍රශ්න විසඳාගන්න බලනවා. සුදුසු අපේක්ෂකයෙක් තෝරා ගැනීම සඳහා අනෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා කෙරෙනවා. සමහර විට ඒ මම වෙන්න පුළුවන්. බොහෝ අය ඉල්ලනවා මට තරග කරන්න කියලා.’යනුවෙන් හෙතෙම බීබීසී සිංහල සේවයට ප‍්‍රකාශ කර ඇත.

‘අපි තරග කරන්නේ ජනාධිපති පදවියට එන්න නොවෙයි අපි තරග කරන්නේ මේ මැතිවරණයේ දී වැඩිම ජන්ද ගන්නා අපේක්ෂකයා එක්ක සාකච්ඡා කරලා අපි එයාට දෙවැනි මනාපය දෙන්න උත්සාහ කරනවා. අපි එයත් එක්ක අපේ ප‍්‍රශ්න ගැන කතා කරනවා. ඒ අනුව එයාට සහාය දෙනවා. තරග කරන පක්ෂය තීරණය කරලා නැහැ.’යැයි ද ඔහු කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස