කතෝලික පියවරු පිරිසක් අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව යුක්තිය ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට!

May 22, 2019 at 5:02 pm | by admin

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමට ක්‍රියාකරමින් වගකීම පැහැර හැරී අගමැති ඇතුළු රජයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුට එරෙහිව කතෝලික පියවරුන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

සමාජය හා සාමයික කේන්ද‍්‍රයේ විධායක අධ්‍යක්ෂ, නීතිඥ ගරු අශෝක් ස්ටීවන් පියතුමා, ගරු ෂෙරාඩ් ජයවර්ධන පියතුමා, ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා යන පියවරුන්ගේ මූලිකත්වයෙන් මෙම මූලික මිනිස් අයිතිවාසිකම් නඩුව ගොනුකර ඇති අතර මෙයින් ආරක්ෂාව සම්බන්ධව වගකීම් පැහැර හරින ලද රජයේ මැති ඇමතිවරු සහ ආරක්ෂක අංශ ප‍්‍රධානීන් ඇතුළු 13 දෙනෙකු වග උත්තරකරුවන් කර ඇත.

එ් අතර අග‍්‍රාමාත්‍යවරයා, හිටපු පොලිස්පතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා ප‍්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් රැසක්ද වේ. නීතිඥ සුනිල් වටගල මහතා මෙම නඩුව ගොනුකළ අතර ජනාධිපති නීතිඥ සාලිය පීරීස් මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස