අසාද් සාලිගේ සහයාත් සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ හංස සන්ධානයට!

September 27, 2019 at 12:34 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් කිරීම සම්බන්ධයෙන් ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි සුබ පැතුම් එක්කර තිබේ.

අසාත් සාලි පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොළඹ පුරපති ධුරයට තරග කරනු ලැබූ අතර අනතුරුව
ජනාධිපතිවරයා විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට පත් කළේය.

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි දළදා මාළිගාව ඉදිරිපිට සිදුකළ උපවාසය නිසා අසාද් සාලිට ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.

තමාගේ සහාය නැතිව කිසිවකුට ජනාධිපතිවරණය ජයගත නොහැකි බව ද ඔහු පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

මාවනැල්ලේ බුදු පිළිම කැඩූ අන්තවාදීන් ආරක්ෂා කළ බවට පසුගිය සමයේ චෝදනා එල්ල වූයේ මොහුටය. එම ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට අවස්ථාව ලැබිණි නම් පාස්කු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව තිබුණු බව සහකාර පොලිස් අධිකාරි ගාමිණි තෙන්නකෝන් රටට හෙළිදරව් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස