අසාද් හිස්බුල්ලා වහාම ඉල්ලා අස්වනු! නැත්නම් ගෙදර යවනු!- අතුරලියේ රතන හිමි

May 13, 2019 at 7:29 am | by admin

අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් සමග සබඳතා පැවැත් වූ බවට සැක කරන සහ ඇතැම් කරුණු තහවුරු වී තිබෙන බැවින් බස්නාහිර සහ නැඟෙනහිර ආණ්ඩුකාර ධුරවලින් අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඉල්ලා අස්විය යුතු බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.

ඔවුන් ඉල්ලා අස්වීමට කටයුතු නොකරන්නේ නම් මේ දෙදෙනා වහාම තනතුරුවලින් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් එළඹෙන 15 වෙනිදා ලිඛිතව ඉල්ලා සිටින බව ද එහිමියන් පැවසූහ. ජනාධිපතිවරයාගේ නියෝජිත ලෙස කටයුතු කරන ආණ්ඩුකාරවරුන් පත් කරන්නේ ජනාධිපතිවරයා විසිනි.

එසේම අරාබි අන්තවාදය පෝෂණය කිරීමට ඉදිකරන නැඟෙනහිර විශ්වවිද්‍යාල වහාම තහනම් කළ යුතු බව ද ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ සඳහන් කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස