අපි නැතිව කාටවත් ජනාධිපති වෙන්න බෑ! අපේක්ෂකයා නම් කළාම එජාපයට සහාය දීම ගැන තීන්දුවක් ගන්නවා! – අසාද් සාලි

September 22, 2019 at 8:50 pm | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණයට 30%ක් වන සුළු වාර්ගික ඡන්ද විශාල බලපෑමක් කරනු ඇති බව ජාතික සමගි පෙරමුණේ නායක හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පවසයි.

එම ඡන්ද නොමැතිව කිසිදු අපේක්ෂකයකුට ජයග්‍රහණය කළ නොහැකි බවත් සියලු අපේක්ෂකයන් සුළු වාර්ගික පක්ෂ සමග සාකච්ඡා කළ යුතු බවත් හෙතෙම පවසයි.

එජාප අපේක්ෂකයා මෙතෙක් නම් නොකිරීම ගැටලුවක් බවත් අපේක්ෂකයා නම් කළ පසු එජාපයට සහාය දැක්වීම පිළිබඳ තීන්දුවක් ගන්නා බවත් අසාද් සාලි අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස