අන්තවාදයට සහ බෙදුම්වාදයට එරෙහි කොන්ද පණ ඇති නායකයෙක් ජනාධිපති කරනවා! – නාරා අරුණ්කාන්ත් (video)

July 30, 2019 at 11:02 pm | by emanisa.lk

රටේ සියලුම ප්‍රගතිශීලි දේශප්‍රේමී ආගමික අන්තවාදයට සහ බෙදුම්වාදයට එරෙහි ජනතාව ඒකරාශී කරගෙන එළඹෙන ජනාධිපතිවරණයේදී රටට කොන්ද පණ ඇති ජාතික නායකයෙක් ජනාධිපති ධුරයට පත්කර ගැනීමට කටයුතු කරන බව ලංකා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පවසයි.

රටේ දුප්පත් සහ මධ්‍යම පාන්තික ජනතාවගේ ජීවන මට්ටම නඟා සිටුවීමට ද ත්‍රස්තවාදී ගැටුම් නිසා ආබාධිත වූ අයගේ සහ වැන්දඹු වූ අයගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම ද පරිසරය ප්‍රජාතන්ත්‍රවාදය ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ද නීරෝගී ජනතාවක් බිහි කර ගැනීමට ද සිය පක්ෂය ප්‍රමුඛතාව ලබා දෙන බව එම පක්ෂයේ නායක නායක නාරා අරුණ්කාන්ත් සඳහන් කළේය.

තම පක්ෂය සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාට විවෘත බවත් උතුරු නැඟෙනහිර බස්නාහිර සහ මධ්‍යම පළාත ඇතුළු දිස්ත්‍රික්ක 21ක තම පක්ෂය මේ වන විට සංවිධාන කටයුතු සිදුකර අවසන් බවද හෙතෙම පවසයි.

මුස්ලිම් ජනතාව පාර්ලිමේන්තුවට පත්වීමට ප්‍රමාණවත් ඡන්දයක් ලබා නොදෙන අසාද් සාලි වැනි අයකුට දෙමළ මුස්ලිම් ඡන්ද එකතු කඑ සුළු ජාතික ඡන්ද 30%ක් ගැන කතා කිරීමට කිසිදු අයිතියක් නැතැයි සඳහන් කළ අරුණ්කාන්ත් සිංහල ජනතාව නොමැතිව සුළු ජාතිකයකු ජනාධිපතිවරණයට දැමීම පවා විහිළුවක් බව ද පෙන්වා දෙයි.

වර්තමාන ආණ්ඩුවේ කොන්ද පණ ඇති නායකයකු නැති බවත් ආගමික අන්තවාදය එරෙහිව කොන්ද කෙළින් තබා ගෙන දැඩි තීන්දු ගත හැකි නායකයකු වෙනුවෙන් එළඹෙන ජනාධිපවරණය අවස්ථාවේ තමන් පෙනී සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී වර්ගවාදී පක්ෂවලින් ඉවත් වී ප්‍රධාන පක්ෂ සමග ඒකරාශී වන ලෙස තමන් නැඟෙනහිර ජනනාවගෙන් ඉල්ලා සිටි බවත් ඒ අනුව දෙමළ ජාතික සන්ධානයට ඡන්ද ලක්ෂ 2.5කට වඩා අහිමි වූ බවත් එම ඡන්ද ප්‍රධාන පක්ෂවලට ලැබුණු බවත් හෙළි කළේය.

බෙදුම්වාදයට සහ ආගමික අන්තවාදයට එරෙහි ඕනෑම පක්ෂයක් සමග එකතු වන්නට තමන් සූදානම් වුවත් දකුණේ ජනතාවට සිංහලෙන් එකක් කියන උතුරට නැඟෙනහිරට ගොස් දෙමළෙන් තව එකක් කියන දෙමළ මුස්ලිම් නායකයන් සමග තමන් එකතු වන්නට සූදානම් නැති බව ද ඔහු අවධාරණය කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස