ෂාරියා ළමා විවාහ තහනම් කරන පනතක් පාර්ලිමේන්තුවේ! අවුරුදු 18ට අඩුවෙන් විවාහ වීම දඬුවම් ලැබිය යුතු වරදක් කෙරේ!

December 19, 2019 at 4:15 pm | by emanisa.lk

ජාති, ආගම්, කුල භේදයකින් තොරව විවාහ වීමේ අවම වයස් සීමාව අවුරුදු 18 බවට පත්කිරීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස මෙම යෝජනාව කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී තුසිතා විජේමාන්න (එජාප) විසින් එය ඉදිරිපත් කර තිබේ.

කන්ද උඩරට විවාහ හා දික්කසාද නීතිය යටතේ සිදුවන විවාහ හා ඉස්ලාම් ආගම් අදහන තැනැත්තන් අතර සිදුකරන විවාහ ඇතුළු ඕනෑම විවාහයක් මෙම නීතියට යටත් වන බවද එහි දක්වා ඇත.

මෙම වයස් සීමාව සම්පූර්ණ කිරීමට පෙර සිදුකරන විවාහ සම්බන්ධයෙන් දඬුවම් පැමිණවීමටද එමගින් යෝජනා කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස