මවුලවිලාට අවු. 12 ළමා අපචාරය නැතිවම බෑලු! රටම එකම නීතියට යටත් කරන වෑයම ලත්තැනම ලොප්!

June 3, 2019 at 8:53 pm | by admin

මෙරට ඕනෑම තරුණියක් විවාහ කර දී මේ වයස් සීමාව අවුරුදු 18 දක්වා නැංවීමට රජය විසින් කළ සැලසුම නතර කිරීමට සිදුව ඇති බව වාර්තා වෙයි.

මුස්ලිම් මවුලවිවරුන්ගේ දැඩි විරෝධතාව නිසා ආණ්ඩුව මෙම කටයුත්ත නතර කර ඇති බවද සඳහන්ය. ෂාරියා නීතිය අනුව මුස්ලිම් තරුණියකට අවුරුදු 12 පිරුණු පසු විවාහ වීමට අවස්ථාව ඇත.

කෙසේ වුවද මුස්ලිම් නොවන සෙසු ජන කොටස්වල ගැහැනු ළමයකුගේ විවාහ වයස අවුරුදු 18කි. ලංකාවේ 10%කට අඩු මුස්ලිම් ජනතාවට ෂාරියා නීතිය අනුව කටයුතු ඉඩ දීම නිසා රටේ පොදු නීතියක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත.

2016 වසරේ ද ආණ්ඩුව මෙම නීතිය බලාත්මක කර රටට පොදු නීතියක් ස්ථාපිත කිරීමට උත්සාහ කළ අතර ඊට එරෙහිව කොළඹ දැවැන්ත විරෝධතාවක් කළේ එකල ශ්‍රී ලංකා තවුහිද් ජමාත් නියෝජනය කළ වර්තමාන සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික්ලාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස