හිස්බුල්ලාගේ ෂරියා විශ්වවිද්‍යාලය රකින්නේ ඇමති හකීම්! කැබිනට් හමුවේ දී හකීම්ට දොස් මුරයක්!!

August 27, 2019 at 9:48 pm | by emanisa.lk

බැටික්ලෝ කැම්පස් ආයතනය රජයට පවරා ගන්නැයි යෝජනා කරමින් පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ආංශික කාරක සභාවෙන් දුන් වාර්තාව සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබදව අද (27) පැවති කැබිනට් රැස්වීමේදී ඇමැති රාවුෆ් හකීම්ගේ ක්‍රියාකලාපය විවේචනයට ලක්ව ඇතැයි වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියා මාර්ගයක් නොගෙන දවසින් දවස ප්‍රමාද කරන බවට ද ඇමැතිවරුන් කිහිපදෙනෙකු එහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ.

මෙම වාර්තාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට වාර්තාව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කර තිබියදී ඒ ගැන කමිටු පත්කරමින් කල්මරන බවටද ඇමැතිවරුන් චෝදනා කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති ඇමැති පාඨලී චම්පික රණවක බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් තීන්දුවක් නොගෙන ප්‍රමාද කිරිමෙන් සිදුවන්නේ තවත් සයිටම් විරෝධයක් වැනි තත්වයක් ඇති කර ගැනීම බව පවසා ඇත.

එබැවින් වහාම මේ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගත යුතු බවද ඇමැති රණවක අවධාරණය කර ඇතැයි දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස