අපි 2015 ආරම්භ කළ ෂාරියා විශ්වවිද්‍යාලය ලංකාවට අවශ්‍ය නෑ! – අගමැති

May 17, 2019 at 10:36 pm | by admin

ලංකාවට ෂරියා විශ්වවිද්‍යාල අවශ්‍ය නොවන බවත් විශ්වවිද්‍යාල පනත අනුව උපාධි ප්‍රදානය කරන ලබන ආයතන සැමට විවෘත විය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (17) දින අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව පැවසීය.

මද්‍රසා ඇතුලූ ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳව තව දුරටත් නීතිපති දෙපාර්තමේන්තුව හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර සංශෝධිත පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ මද්‍රසා ඇතුළු ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයින් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් සමඟ අද (17) දින අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමිනි.

“මෙරටට ශරියා විශ්ව විද්‍යාල අවශ්‍ය නොවන බව මම මෙහිදී අවධාරණය කළා. විශ්ව විද්‍යාල පනත අනුව උපාධි ප්‍රදානය කරනු ලබන ආයතන සියලු දෙනාටම විවෘත විය යුතුයි. සියලු දෙනාටම අධ්‍යාපනය ලබා ගැනීමට හැකි වාතාවරණයක් ඇති කිරීම සඳහා අවශ්‍ය කරනු ලබන වෙනත් කොන්දේසි ද ඊට ඇතුළත් කරනවා. එම විශ්වවිද්‍යාලයේ සෑම ආගමකටම, සෑම ජාතියකටම විවෘත කර නිසි පාලනයක් ඇතිව පවත්වා ගෙන යාමට හැකි තත්ත්වයක් ඇති කරනවා.”

2013 වසරේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් සඳහා අවසර ලබා දුන් ආයතනය විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කළේ 2015 ජුලි 06 වෙනිදා රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දරන ආණ්ඩුව මගිනි. මේ සඳහා මහවැලියේ කිසිම සංවර්ධන කටයුත්තකට ලබා නොදිය යුතු ඉඩම් කොටසක් ඔප්පු මගින් ලියා දෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස