මාවනැල්ලේ බුදු පිළිම කැඩූ ත්‍රස්ත අයියා මලෝ අත්අඩංගුවට පත්වෙයි!

April 28, 2019 at 11:56 am | by admin

මාවනැල්ල ප‍්‍රදේශයේ බුදු පිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුවන් වන 27 හැවිරිදි මොහොමඩ් ඊබ‍්‍රාහීම් සහීඩ් අබ්දුල්ලා සහ 30 හැවිරිදි මොහොමඩ් ඊබ‍්‍රාහීම් සාදික් යන සහෝදරයින් දෙදෙනා ගම්පොළ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

බුදු පිළිම විනාශ කිරීමේ ප්‍රධාන සැකකරු වන මොහොමඩ් ඊබ්‍රාහිම් සහීඩ් අබ්දුල්ලා සිය බිරිඳ සමග ප්‍රදේශයෙන් පළා ගිය අතර නැවත ඊයේ දින බිරිඳ දෑස් බැඳ මාවනැල්ලට රැගෙන විත් දමා පළා ගොස් තිබිණි. පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ දී පුපුරන ද්‍රව්‍ය කිලෝ 100ක් ඩෙටනේටර් 100ක් ඇතුළු සැකකටයුතු භාණ්ඩ තොගයක් අත්අඩංගුවට පත් වූයේ ඔහුගේ ගොවිපොළක තිබියදීය.

මොවුන්ගේ පියා රෂීඞ් මොහොමඞ් ඊබ‍්‍රායීම් නම් මවුලවිවරයා ඉකුත් දා අත්අඩංගුවට ගැනුණේ මාවනැල්ලේ පිහිටි නිවසක තිබුණු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමගය.

මෙම මවුලවිවරයා ඉස්ලාමීය අන්තවාදී වහාබ් දේශන සිදු කර ඇති බව වාර්තා වෙයි. බුර්කාව, මද්රාසා පාසල්, ෂාරියා නීතිය, කාති උසාවි ආදිය වහාබ්වාදය සමග මෙරටට පැමිණි අනතුරුය. පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට මොහු සම්බන්ධ බව හෙළිදරව් වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස