ආණ්ඩුව පන්සලේ පිං පෙට්ටියට නැවතත් ඉව අල්ලයි! තිස්සමහාරාම පන්සලේ පිං පෙට්ටි සීල් තබයි! ෂරියා විශ්වවිද්‍යාලේ මුදල් විගණනය නොකළ ආණ්ඩුව පන්සලේ පඬුරු විගණනයට සූදානම්!

September 8, 2019 at 5:58 pm | by emanisa.lk

තිස්සමහාරාම සඳගිරි උභය මහා විහාරයේ සියලු පිං පෙට්ටි මුද්‍රා තබා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට යටත් කරන ලෙස විහාරාධිපති පූජ්‍ය දේවාලේගම ධම්මසේන හිමියන්ට නියෝග කර තිබේ.

පසුගිය අගෝස්තු 8 වනදා තිස්සමහාරාම සඳගිරි උභය මහා විහාරයට පැමිණි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ විගණන නිලධාරීන් විසින් එම විහාරයේ විගණනයක් සිදු කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ සඳහා හේතුව ලෙස දක්වා ඇත්තේ විහාරස්ථානයේ පිං පෙට්ටිවලින් ලැබෙන මුදල් සහ අනෙකුත් ආදායම් පිළිබඳ මූල්‍ය වාර්තා විධිමත් පරිදි පවත්වාගෙන නොයෑමය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විහාරාධිපති හිමි ප්‍රකාශ කළේ ආණ්ඩුව විහාරස්ථානවලින් බදු අය කර ගැනීමේ උත්සාහයක නිරත වන බවට සැකයක් පවතින බවය.

“පෙරහැර කරන්න එක්කෝටි විසි තිස් ලක්ෂයක විශාල මුදලක් වැය වෙනවා. මේ නිලධාරීන් පෙරහැරත් ආදායම් මාර්ගයක් විදිහට දාලා. පාස්කු ප්‍රහාරය නිසා මෙවර පෙරහැරට ආධාර ලැබුණෙත් නෑ. වාර්ෂිකව චෛත්‍යයේ හුණු පිරියම් කරන්න ලක්ෂ 50ක පමණ මුදලක් වැය වෙනවා. සේවකයින්ට කන්න බොන්න දෙන්න ඕනේ.

තිස්සමහාරාමේ පල්ලියට අක්කර හාරසිය ගාණක් තියෙනවා. ඒවායේ මුදල් යන්නේ කොහෙටද? ඒවා ගැන විගණනයක් කරනවාද? මඩකලපුව විශ්වවිද්‍යාලයේ මුදල්වලට මොකද වුණේ?කෝටි ගණන් මුදල් තිබුණු ඒ ඇමතිලාගේ ගිණුම් රජය විගණනය කළාද?

බෞද්ධ ජනතාවගෙන් පන්සලට ලැබෙන පඬුරු මුදල්වලට විගණනය කරන්නේ මොන පදනමින්ද? පඬුරු පෙට්ටි විගණනය කරන්න ඇවිත් අපි හොරු කියලා හිතනවාද දන්නේ නැහැ. මේවා සාංඝික දේපළක්. අපිට සැකයක් තියෙනවා අනාගතයේ පන්සල්වලින් බදු ගන්න උත්සහයක්ද කියලා මේ.”

මෙයට පෙර දඹුලු රජ මහ විහාරය ඇතුළු විහාරස්ථාන ගණනාවක පඬුරු මුදල් විගණනය කිරීමට ද ආණ්ඩුව උත්සාහ කළ අතර ජනතා විරෝධය නිසා එය නතර කර දැමීමට සිදුවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස